"නව දැලි පුසුඹ කළා මංගල්ය - 2019 "
පින්බර රජරට වීර පුරවරේ තලාව අඹරට පෑයූ කලාධරයින් පසසමින් තුටු පඩුරු දෙන නවදැලි පුසුඹ කලා මංගල්ය තලාව ප්‍රාදේශීය මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ දෙදහස් දහනවයක් වූ ඔක්තෝබර් මස 22 වන දින, තලාව මහා විද්යාලයේ දී කලා කරුවන්,පාසල් සිසු සිසුවියන්,සුභ පතන්නන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.


" දෙමළ භාෂා දිනය සමරමු"
ඔක්තෝබර් 14 දිනට යෙදෙන දෙමළ භාෂා දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දෙමළ භාෂා දින සැමරුම පසුගිය දා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය වූ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් සහභාගී වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, කොට්ඨාශයේ විදුහල්වල විදුහල්පතිවරු, ගුරු භවතුන්, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි විය.
දෙමළ සංස්කෘතිය පිළිඹිබු වන වේදිකා සැරසිලි, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ඉදිරිපත් කළ නාට්ය,ගායනා හා නර්තන අංගයන්ගෙන් උත්සවය විචිත්රවත් විය. කොට්ඨාශයේ පාසල් අතර පැවැත්වූ,දමිළ භාෂා දින තරගවලින් ජයග්රහනය ලැබූ සිසුන් සදහා සමරු තිළිණ,ත්යාග හා සහතිකපත් ප්රධානයද එහි දී සිදුවිය.



අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ උපදේශන අංශයේ මෙහෙය වීම යටතේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන.
රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ අරමුණින් තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ මහතාගේ උපදේශකත්වය යටතේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව පුහුණු වැඩසටහනක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ජන පවුර
"දරුවන් මගේ නොව අපේ ලෙස සිතමු."
ග්‍රාමීය,ප්‍රාදේශීය,දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ළමා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා, බලපෑම් කළ හැකි අවදියෙන් සටින ප්‍රජා ඒකමුතුවක් ගොඩනැගීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ අබේරත්න හේරත් මහතාගේ උපදේශකත්වය යටතේ තලාව කොට්ඨාශයේ " ජන පවුර " වැඩසටහන 300 දෙනෙකු පමණවූ ප්‍රජා සහභාගිත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.















