" දෙමළ භාෂා දිනය සමරමු"
ඔක්තෝබර් 14 දිනට යෙදෙන දෙමළ භාෂා දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දෙමළ භාෂා දින සැමරුම පසුගිය දා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් සහභාගී වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, කොට්ඨාශයේ විදුහල්වල විදුහල්පතිවරු, ගුරු භවතුන්, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි විය.
දෙමළ සංස්කෘතිය පිළිඹිබු වන වේදිකා සැරසිලි, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ඉදිරිපත් කළ නාට්‍ය,ගායනා හා නර්තන අංගයන්ගෙන් උත්සවය විචිත්‍රවත් විය. කොට්ඨාශයේ පාසල් අතර පැවැත්වූ,දමිළ භාෂා දින තරගවලින් ජයග්‍රහනය ලැබූ සිසුන් සදහා සමරු තිළිණ,ත්‍යාග හා සහතිකපත් ප්‍රධානයද එහි දී සිදුවිය.

















