අපගේ දැක්ම

මානව සංවර්ධනය උදෙසා අභිමානවත් රාජ්‍ය සේවාවක් ලබා දිම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා මානව සම්පත්,භෞතික සම්පත් සහ මූල්‍ය සම්පත් ඵලදායී උපයෝජනය තුළින් රාජ්‍ය,පෞද්ගලික,රාජ්‍ය නොවන ආයතන කාර්යක්ෂම සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය සංවර්ධනයේ පෙර ගමන්කරු වීම අපගේ නොනිමි මෙහෙවර වේ.

ආයතනයේ විකාශනය

මහා සමුදුර වටකොට පිහිටි ශ්‍රී ලංකා ද්වීපයෙහි රාජ්‍ය පාලනය මධ්‍යම රජය ප්‍රධාන කොට ගෙන දිස්ත්‍රික් පාලනයට යටත් කොට තිබුණි. ඒ අනුව 1938 දී ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශයක් ලෙස රාජකාරී ආරම්භ කරමින් 1947 දී එය ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශයක් බවට පරිවර්ථනය වී, ප්‍රදේශයේ රාජකාරී කටයුතු සිදුකළ අතර, 1992 අංක 52 දරණ පණත අනුව ප්‍රාදේශී්‍ය මහ ලේකම් කොට්ඨාශයක් බවට පත්විය. එහි ප්‍රථිඵලයක් ලෙස දිවයිනේ පිහිටි විශාලතම පළාත වන උතුරු මැද පළාතේ විශාලතම දිස්ත්‍රික්කය වන අනුරාධපුරයෙහි දකුණු වාසල් දොරටුව ආසන්නයේ තලාව ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය බිහිවිය.

තලාව ප්‍රාදේශී්‍ය මහ ලේකම් කොට්ඨාශය උතුරින් මධ්‍යම නුවරගම් පළාත හා නාච්චාදූව ද දකුණින් ගල්නෑව හා තඹුත්තේගමද නැගෙනහිරින් ඉපලෝගම හා තිරප්පනේ  ද බටහිරින් තඹුත්තේගම හා නොච්චියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද වට වී ඇත.

තවලම මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන ලද කාලයෙහි "තවලම් ආවා" යනුවෙන් වූ වහරක් අතීතයේ සිට තලාව නමින් ව්‍යවහාරයේ පවතින බව ජනප්‍රවාදයේ පවතී. ඊට පෙර තලාපවාපී නුවර ලෙස භාවිතා වී ඇත. තලාව මහවැලි ගම්මානයක්ව පවතින ගම්බිරිගස්වැව ජනපදයේ ඇති නටඹුන් වලට අනුව මහාවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි එන සුප්‍රසිද්ධ   හරන්තික නම් සොරදෙටුවකු තම අණසක පතුරුවාගෙන සිටි බවත් අභය නම් තෙරුන් වහන්සේ ඔහු යහ මගට ගත් බවත් සදහන් වන පුරාවෘත්තයක් ද පැරැන්නන් අතර ඇත.

අතීත ශ්‍රී විභූතිය ගෙනෙන ‍ඓතිහාසික යෝධ ඇල තලාව කොට්ඨාශය හරහා ඉදි වී ඇත. මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිදුන් ගොවි ජනපද පිහිට වූු මුල් අවදියේ එතුමන්ගේ පා පහස ලත් කටියාව පැරණි ගොවි ජනපදය මෙන්ම කටියාව ජලාශය පිහිටා ඇත්තේ ද තලාව කොට්ඨාශයේය. තලාව රට මැද පාරෙහි පිහිටීම නිසා බ්‍රිතාන්‍ය පාලන සමයේ ද වෙළද මධ්‍යස්ථානයක් වශයෙන් ජනප්‍රිය වී තිබුණි.

බ්‍රිතාන්‍ය දෙවන එළිසෙබෙත් රැජිනගේ නැන්දනිය වන එව්ජින් තානි මවුතුමිය 1912 දී ගම්පොළ සොනානා නම් මීසමේ සිට තලාවට පැමිණ ප්‍රීති ගෙදර නම් නිවහන ඇරඹීමත් සමගම තලාවේ පුනරුදයක් ඇති වූු අතර එතුමිය විසින් 1932 දී ආරම්භ කළ මිෂනාරී පාසල අද තලාව මහා විද්‍යාලය බවට පරිවර්ථනය වී ඇත.

කටියාව වැව මහවැලි ජලයෙන් පෝෂණය වී ඇති අතර, නව ජය ගග නිසා ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හැරුනු විට තලාව කොට්ඨාශයේ කෙත්වතුවලට මහවැලි ජලය සැපයේ. මහවැලි පෝෂිත ඇළෙන් කෙත්බිම සරුකෙරෙයි.

තලාව කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 39 න් කොට්ඨාශ 24 ක් කලාවැව ආසනයට ද 9 ක් මිහින්තලය ආසනයට ද 6 ක් නැගෙනහිර අනුරාධපුර ආසනයට ද අයත් වේ. 69361 ක ජනගහනයක් වාසය කරන මෙම කොට්ඨාශයේ භූමි ප්‍රමාණය ව.කි.මී.219.8 කි. තලාව හා එප්පාවල යනුවෙන් ප්‍රධාන නගර 2 ක් ද තලාව,එප්පාවල,කටියාව යන ගොවිජන සේවා මධ්‍යස්ථාන 3 ක් ද පොළිස් ස්ථාන 2 ක් ද කොට්ඨාශය තුළ පිහිටා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු දිශාවට බරව පිහිටා ඇති තලාව ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය අක්ෂාංශ හා දේෂාංශ පිහිටීම අනුව උතුරු අක්ෂාංශ 6 - 6.5 හා නැගෙනහිර දේෂාංශ 80.6 - 81.7 අතර පිහිටා ඇත.  

 

තලාව කොට්ඨාශය පාලනය කළ අපගේ පරිපාලන නියමුවන්...

නම සිට දක්වා
ආර් ඒ ඒ රණවීර මයා 1970  -ජනවාරි 1970 - මාර්තු
ඩබ් පී වනිගරත්න මයා 1970 1974
සුනිල් අබේසිංහ මයා 1974 1977
එස් ඩී ඊ ලෝරන්ස් මයා  1978 - ජුනි 1978 - ජූලි
එල් පී ප්‍රේමපාල මයා 1978 - ජූලි 1979
එස් ඩී ඊ ලෝරන්ස් මයා 1980 1983
එච් එම් කරුණාරත්න මයා 1983 1990
ඒ එස් කළුආරච්ච් මයා 1990 1992
ආර් පී රත්වත්ත මයා 1992 1993
එච් රම් කරුණාරත්න මයා 1994 1997
සුරවීර මන්ත්‍රීරත්න මයා 1997 2000
එච් එම් කේ හේරත් මයා 2000 2004
බී ඒ සෝමපාල මයා (වැ.බ) 2004 2006
ආර් පී මහින්දරත්න මයා 2006 2007
නාලනී නානායක්කාර මිය 2007- මැයි 2012 - ඔක්.
රංජනී පෙරේරා මිය (වැ.බ) 2012 2013 - මාර්තු
සන්ධ්‍යා අබේසේකර මිය 2013 - මාර්තු 2015
එච් ඩී එන් එස් ප්‍රනාන්දු මයා (වැ.බ) 2016 - පෙබරවාරි 2016 - ජුනි
එන් එච් ආර් නිශාන්ත මයා 2016 - ජුනි  2020 - අගෝස්තු
ආර් එම් ජී සේනාරත්න මයා (වැ.බ) 2020 - අගෝස්තු 2021 - ජනවාරි
අනුරාධ දිසානායක මයා 2021 - පෙබරවාරි සිට මේ දක්වා   

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top