2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන.

 

රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ අරමුණින්  තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ මහතාගේ උපදේශකත්වය යටතේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව පුහුණු වැඩසටහනක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

                           20191004 103340        

                                                                               20191004 104212

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන.

 

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ උපදේශන අංශයේ මෙහෙය වීම යටතේ රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවක් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

 

                                                       20190920 093145

                                                                     

මිහින්තලාවෙන් බුදු  බණ රැව්දුන් උතුම් පොසොන් දින තලාවෙන් නැගුණු බැති ගී රාවය...

 1

 

 

පිංබර පොසොන් පොහොය නිමිති කරගෙන, ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී සරණිය විච්‍ත්‍රවත් ලෙස පසුගිය දා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. බැති ගී ගායනය හා අනෙකුත් සියළු කටයුතු සංවිධානය කාර්යාල නිලධාරීන්ගේ බැතිබර දායකත්වයෙන් සිදු කෙරුණ අතර, බැති ගී සරණිය රස විදීම සදහා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සුභ පතන්නන්,ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.

 

 

 

 

ජන පවුර

"දරුවන් මගේ නොව අපේ ලෙස සිතමු."

 

ග්‍රාමීය,ප්‍රාදේශීය,දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ළමා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා, බලපෑම් කළ හැකි අවදියෙන් සටින ප්‍රජා ඒකමුතුවක් ගොඩනැගීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් හා ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතී‍ඥ අබේරත්න හේරත් මහතාගේ උපදේශකත්වය යටතේ තලාව කොට්ඨාශයේ " ජන පවුර " වැඩසටහන 300 දෙනෙකු පමණවූ ප්‍රජා සහභාගිත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

 

image 0 02 06 2519d9ad626669c7577c553b36028c1e9c4076b5f268d62eb790a7bee264f6a9 V

ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත් වූ පැල සිටුවීමේ වැඩසටහන..

 

20190610 100325

 

2019 ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් තුමාගේ මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැල සිටුවීමේ වැඩසටහනක් තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී පැවැත්වුණි.

News & Events

18
Aug2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
Aug2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top