2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව රාජ්ය නිලධාරීන් සහ ප්රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන.
රාජ්ය නිලධාරීන් සහ ප්රජා නායකයින් දැනුවත් කිරීමේ අරමුණින් තලාව ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන්, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්රික් ලේකම් කීර්ති ගමගේ මහතාගේ උපදේශකත්වය යටතේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සම්බන්ධව පුහුණු වැඩසටහනක් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවැත්විණ.















