" ගසක් කැපීම වෙනුවෙන් හිමිවන සුන්දර දඩුවම....................!"

 

රාජ්‍ය ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කිරීම පෙරමුණ ගන්නා තලාව ගසක් කැපීම වෙනුවෙන් පැලයක් සිටුවීමේ ව්‍යාපෘතිය කාර්යාල නිලධාරිනියකගේ නිවසින් සාර්ථක ආරම්භයෙන් සිදුවූ අයුරු......

 

                                                     IMG 20210201 WA0011

 

 

2021 වසර සදහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම.

 

 

IMG 20210104 WA0022

මානව සංවර්ධනය උදෙසා අභිමානවත් රාජ්‍ය සේවාවක් ලබා දීමේ දැක්ම පෙරදැරිව සියළු ලෝවාසීන්ට නිදුක් නීරෝගී සුව පතා සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2021 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කළ වගයි........!!!

                                                                                                 IMG 20210104 WA0020

 

 

"නව දැලි පුසුඹ කළා මංගල්‍ය - 2019 "

 

පින්බර රජරට වීර පුරවරේ තලාව අඹරට පෑයූ කලාධරයින් පසසමින් තුටු පඩුරු දෙන නවදැලි පුසුඹ කලා මංගල්‍ය තලාව ප්‍රාදේශීය මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ දෙදහස් දහනවයක් වූ ඔක්තෝබර් මස 22 වන දින, තලාව මහා විද්‍යාලයේ දී කලා කරුවන්,පාසල් සිසු සිසුවියන්,සුභ පතන්නන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

IMG20191022094247       IMG20191022095357

 

IMG20191022104441     IMG20191022104639

තලාව ප්‍රාදේශීය මහ ලේකම්තුමා ඇතුළු කාර්යය මන්ඩලය විසින්

කිරි අම්මා වරුන්ට පිදූ දානමය පිංකම .......................!

                                

                            20200620 051059    

       

 

                                                         

                                                              20200620 040904

 

                                        20200620 041116

 

 

" දෙමළ භාෂා දිනය සමරමු"

 

ඔක්තෝබර් 14 දිනට යෙදෙන දෙමළ භාෂා දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දෙමළ භාෂා දින සැමරුම පසුගිය දා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් සහභාගී වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, කොට්ඨාශයේ විදුහල්වල විදුහල්පතිවරු, ගුරු භවතුන්, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි විය.

දෙමළ සංස්කෘතිය පිළිඹිබු වන වේදිකා සැරසිලි, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ඉදිරිපත් කළ නාට්‍ය,ගායනා හා නර්තන අංගයන්ගෙන් උත්සවය විචිත්‍රවත් විය. කොට්ඨාශයේ පාසල් අතර පැවැත්වූ,දමිළ භාෂා දින තරගවලින් ජයග්‍රහනය ලැබූ සිසුන් සදහා සමරු තිළිණ,ත්‍යාග හා සහතිකපත් ප්‍රධානයද එහි දී සිදුවිය.

 

  20191015 093920 20191015 095605

 

 20191015 12192520191015 1228150

 

 

 

 

 

 

 

News & Events

18
Aug2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
Aug2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top