" දෙමළ භාෂා දිනය සමරමු"

 

ඔක්තෝබර් 14 දිනට යෙදෙන දෙමළ භාෂා දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දෙමළ භාෂා දින සැමරුම පසුගිය දා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

තලාව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් සහභාගී වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, කොට්ඨාශයේ විදුහල්වල විදුහල්පතිවරු, ගුරු භවතුන්, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි විය.

දෙමළ සංස්කෘතිය පිළිඹිබු වන වේදිකා සැරසිලි, පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, ඉදිරිපත් කළ නාට්‍ය,ගායනා හා නර්තන අංගයන්ගෙන් උත්සවය විචිත්‍රවත් විය. කොට්ඨාශයේ පාසල් අතර පැවැත්වූ,දමිළ භාෂා දින තරගවලින් ජයග්‍රහනය ලැබූ සිසුන් සදහා සමරු තිළිණ,ත්‍යාග හා සහතිකපත් ප්‍රධානයද එහි දී සිදුවිය.

 

  20191015 093920 20191015 095605

 

 20191015 12192520191015 1228150

 

 

 

 

 

 

 

News & Events

18
අගෝ2026
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව

  ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය තලාව  ...

18
අගෝ2026
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -තලාව    

Scroll To Top